ශ්‍රි ලංකීය පරිඝණක ක්‍රීඩාවන්හි පෙරලිකාර වෙනසක් – කංඡායුධ

Arimac lanka සමගම විසින් නිෂ්පාදිත ශ්‍රිලංකාවේ පලමු digital combat encounter ලෙස කංඡායුධ(Kanchayudha) පරිඝණක ක්‍රීඩාව හැදින්විය හැකිය.ක්‍රීඩාවට පදනම් වූ කතාව හා සන්කල්පය බිහිවී ඇත්තේ පුරන ඓතිහාසික පසුබිමක් තුලවන අතර මෙය සම්පූර්ණයෙන් ප්‍රබන්ද කතාවක් වන අතර සැබෑ කතාවක් නොවේ. තවද මෙය සාමාන්‍ය mortal combat වැනි සටන් ක්‍රීඩාවක් හෝ චරිතයක් මූලාශ්‍ර කරගත් පරිගණක ක්‍රීඩාවක් මෙන් නොව සුවිශේෂ ගතිලක්ෂණ වලින් එකට මුසු වූ සටන් ත්‍රාසය එකට කැටි වූ කතා මාලාවක එකතුවකි.අද බිහිවන බොහොමයක් පරිගණක ක්‍රීඩාවන් ඉලක්ක කරනුයේ අනාගත පසුබිමකි.නමුත් මෙම කංඡායුධ(Kanchayudha)පරිගනක ක්‍රීඩාව ශ්‍රිලංකාවේ ක්‍රිපු 300 සහ 150 තුල ගමන් කරයි

මෙම පරිගණක ක්‍රීඩාව සදහා පදනම වී ඇත්තේ තම පියාට සිදුවූ කේදවාචකයක් සදහා යුක්තිය අපේක්ෂා කරන පුතෙකුගේ චරිතයක් වටාය.විවිද බාධා වලට මුහුණ දෙමින් තම අරමුණ කරා ඔහු ගමන් කරන ආකාරය මෙහි කතා මාලව වේ.

14589821_1327404610625264_6915817871515876354_o

මෙම පරිගණක ක්‍රීඩාව පිළිබඳව එය නිර්මාණය කල කණ්ඩායමේ අදහස් මෙසේය. මෙම ක්‍රීඩාව අනුරාධපුර රාජධානියේ එළාර රජු රජ කල සමයේ සිටි වීර පුරුෂයින් ගේ චරිත පදනම් කරගෙන නිර්මාණය කර තිබේ.මෙම සමයේ රුහුණු රාජධානිය පාලනය වූයේ කාවන්තිස්ස රජු සහ ඔහුගේ උරුමක්කාරයා වූ වැඩිමහල් පුතුවන ගාමිණි (ගැමුණු )කුමාරයා විසිනි.

මෙම ක්‍රීඩාවේ ඇති චරිත වනුයේ ජනප්‍රවාද වීරවරුන් සහ ඔවුන්ගේ ආවේණික කුසලතාවයන් ය. නිදසුනක් ලෙස වේලුසුමන යෝධයා දුටුගැමුණු රජුගේ හමුදාවේ සිටි දක්ෂතම සටන්කාමියකු විය.කිසිවෙකුට වත් අසලට ලගාවිය නොහැකි වේගයෙන් අසුන් හැසිර වීමට මොහුතුල ඇත්තේ සුවිශේෂ හැකියාවකි.තවද නන්දිමිත්‍ර යෝධයා ද මෙම ක්‍රීඩාවේ ඇති තවත් එක් චරිතයකි .ඔහු අති දක්ෂතම ඇති ගොවුවෙක් වන අතර අන්ගම්පොර සටන් පුහුණු කරුවෙකුද වේ. මෙයට අමතරව කැතී නම් රැජින කඩු හා පලිහ සම්බන්ධ සටන් සම්බන්ධයෙන් සුවිශේෂ දක්ෂතා දැක්වූ අයෙක් විය.

මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ශ්‍රිලාංකික ක්‍රීඩාවක් වන අතර ක්‍රීඩාවේ නමේ පටන් භාවිතා කරන වචන මාලවන්,ක්‍රීඩා විලාශයන්, කතා මාලාව ශ්‍රිලංකාවේ පුරාණ සංස්කෘතිය හදුනා ගැනීමට ඉවහල් වේ.මේ නිසාම අනෙකුත් පරිගණක ක්‍රීඩා සමග සැසදීමේදී මෙයට සුවිශේෂ ස්ථානයක් හිමි වනු ඇත

15122974_1367876496578075_8450047049430321360_o.jpg

Here are the Minimum System Requirements for the game as described in the official Kanchayudha page.

  • Operating system: Windows 7 SP1, Windows 8/8.1/10 (64bit versions only)
  • Processor: Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
  • Memory: 4GB
  • Video card: NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM) Direct X: Version 11
  • Hard Drive: 12 GB available space Recommended System Requirements

By; Dinidu Chamara

Watch the trailer;

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s